සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2015 අංක 17 දරණ සූදූ ක්‍රිඩා නියාමන අධිකාරී පනත දෙසැම්බර් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වු අතර එය පසුගිය සැප්තැම්බර් මස 3 වන දින කථානායකවරයා සහතික කිරීමත් සමඟ පනතක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

මෙම පනත මඟින් ලොතරැයි සහ සමාජ සූදු ක්‍රිඩා හැර අනෙකුත් සියලුම වර්ගවල සූදු ක්‍රිඩා ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාලනය කිරීම මෙම නව පනත මඟින් සිදුවේ.

Share.
Leave A Reply

Exit mobile version