ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව ඇත.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් සංවිධායක ධූරය හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පත් කර තිබේ.

ඔහු අද (14) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා හමු වු අවස්ථාවේදී ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දී තිබේ. කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළා.

Share.
Leave A Reply

Exit mobile version