ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය. තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක් වෙමිනි. නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන පැවැත්විණි. (ලංකාදීප)