2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (26) පැවති තරඟ 04 දී ජයග්‍රහණ ලබා ගැනීමට ඕස්ට්‍රේලියා, පෝලන්ත, ප්‍රංශ සහ ආජන්ටිනා කණ්ඩායම් සමත් වුණා.

පළමු තරඟය ලෙස ඕස්ට්‍රේලියා හා ටියුනීසියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Mitch Duke ගෝලයක් වාර්තා කළා.

දෙවන තරඟය ලෙස පෝලන්තය හා සෞදි අරාබියා කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට පෝලන්ත කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Piotr Zielinski සහ Robert Lewandowski ගෝල වාර්තා කළා.

ප්‍රංශය හා ඩෙන්මාර්ක් කණ්ඩායම් අතර පැවති තරඟයේදී ගෝල 2 – 1 ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Kylian Mbappé ගෝල 02ක් වාර්තා කළා.

මේ අතර ආජන්ටිනා හා මෙක්සිකෝව අතර පැවති තරඟයේදී ගෝල 2 – 0 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Lionel Messi සහ Enzo Fernández ගෝල වාර්තා කළා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version