වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ඊයේ දිනයේ (30) සිට යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරයා නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමුකර තිබුණා.

සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාල අවහිර කර මව්වරුන් වඳභාවයට පත්කළේයැයි චෝදනා ලැබ වසර 4 ක කාලයක් රැකියාවෙන් ඉවත්ව සිටීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට සිදු වූ අතර, එම චෝදනා වාචික හා ලිඛිත සාක්ෂි මඟින් ඔප්පු වී නොමැති බව අදාළ ලිපියේ දැක්වෙනවා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version