වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමා තිබේ.

ඊයේ දිනයේ (04) එරට පැවති උත්සවයක දී එම සම්මානය පිරිනමා තිබුණි.

එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා ඇත.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්මෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වෛද්‍ය සමන් වීරසිංහ මහතාය.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ මහතා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු දරයි.

ඔහුගේ නායකත්වය දෙරට අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාව සහ කල් පවත්නා අන්‍යොන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීමට මහෝපකාරී වී ඇත.

Share.
Leave A Reply

Exit mobile version