ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන Dialog Axiata PLC සමාගමේ දෙවන විශාලතම කොටස් හිමියා බවට Bharti Airtel Limited පත් වී ඇත. මෙය සිදු වී ඇත්තේ මෙම සමාගම් දෙක අතර Bharti Airtel Lanka සමාගම සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයකට අනුවය.

ඉන්දීය Bharti Airtel Limited හි පූර්ණ අනුබද්ධ සමාගමක්වන Bharti Airtel Lanka සමාගමේ කොටස් සියයට සියයක්ම Dialog Axiata සමාගම වෙත ලබා දී ඒ වෙනුවට Dialog Axiata PLC සමාගමේ කොටස් ලබා ගැනීමේ කොටස් හුවමාරු ගිවිසුමකට මෙම සමාගම් දෙක පසුගිය අප්‍රේල් මාසයේදී එළඹිණි.

මෙම සමාගම් දෙක අතර ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට තීරණය කෙරුණේ පසුගිය වසරේ මැයි මාසයේදීය.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version