වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.
ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668ක් වී ඇති අතර, මරණ 35 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,253ක් වාර්තා වී ඇති බව සඳහන්ය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,811ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,443ක් රෝගීන් වාර්තා වී තිබේ.
