ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබුණි.

මෙම භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පළමු භූ කම්පන තත්ත්වය සිදුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර ඒවා පිළිවෙලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසයක පැවතුණු බවද වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version