නීතිවිරෝධී දුම්වැටි සමගින් රේගු නිලධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරට රැගෙ විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා ඩුබායි සිට මෙරට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී රේගු නිලධාරීවරයා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළට පිවිස මෙම දුම්වැටි තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග විදේශීය නිශ්පාදිත දුම්වැටි 60,000ක් සමගින් දුම්වැටි කාටුන් 300ක් ද මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස නීතිවිරෝධී ආනයනය, ජාවාරම් කිරිම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Share.
Leave A Reply

Exit mobile version