කොරෝනා වයිරස් එන්නතෙහි 2 වන බූස්ටරය නැතහොත් 4 වන මාත්‍රාව ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මහජනතාවට උපදෙස් නිකුත් කර ඇත.
කොළඹ මහ නගර සභාවේ (CMC) ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ පවසන පරිදි වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් දෙවන බූස්ටරය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් සඳහා සහ නිධන්ගත සමෝධානික රෝග ඇති අවුරුදු 20 ට වැඩි අය සඳහා මෙම එන්නත බෙහෙවින් නිර්දේශ කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
දෙවන බූස්ටරය ළඟම ඇති රෝහලෙන් හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙතින් ලබා ගත හැකි බව වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසීය.