ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබූ පැරණි අලෝක පද්ධතිය වෙනුවට නව ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

එහි කටයුතු අවසන් අදියරේ පවතින අතර ඒ අනුව පැරණි අලෝක පද්ධතිය වෙනුවට LED අලෝක කුලුණු පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.

LED අලෝක කුලුණු හයකින් සමන්විත මෙරට දෙවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙයි.

LED අලෝක කුලුණු හයකින් සමන්විත මෙරට පළමු ක්‍රීඩාංගණය වන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට නව ආලෝක පද්ධතියක් සවි කිරීමේ කටයුතු නිසා මාස කිහිපයක් එම ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට හැකිවූයේ නොමැත.

නව අලේක පද්ධතිය සවි කිරීමෙන් පසු යළි ප්‍රේමදාස පිටියේදී තරග පැවැත්වීමට නියමිතය.

හෙට සහ ලබන සිකුරුදා පැවැත්වෙන ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරග දෙක දිවා තරග ලෙස ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන්නෙ එම ක්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය නවීකරණය කිරීම හේතුවෙනි.

Share.
Leave A Reply

Exit mobile version