කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන හෙට සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මේ අනුව මෙට සිට 14 දා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර ,පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද, මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවූ 6.00 සිට 9.00 දක්වාද, පිටවීම පස්වරු 4.00 සිට 9.00 දක්වාද වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ, පුද්ගලික බස් රථ, පාසල් බස් හා වෑන් රථ, කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ පමණක් මෙම මංතීරුවේ ධාවනය කල හැකි අතර වෙනත් වාහන ඉහත කාල සිමාවන්වල මෙම මංතීරුවට ඇතුල් කල නොහැකි බව පොලිසිය නිවේදනය කරයි.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version