මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 400ක් වටිනා අධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (08) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එම ගුවන් යානය තුළ කිලෝග්‍රෑම් 84,525ක් බරැති ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට් සහ ඇද ඇතිරිළි ආදී වූ ආධාර තොගයක් ද එම භාණ්ඩ අතර වේ.

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

Exit mobile version