දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව සිටි චීන විදේශ කටයුතු අමාත්‍ය වන්ග් යී මහතා අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් සිට පැමිණි ඔහු ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිස චීනය බලා යන අතරවාරයේ (Transit) මෙලෙස පැමිණ තිබේ.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද දහවල් යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Share.
Leave A Reply

Exit mobile version