ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල හා ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමා ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • පෙට්‍රල් 92 – රු.04 කින් (නව මිල රු.365)
  • පෙට්‍රල් 95 – රු.03 කින් (නව මිල රු.420)
  • ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351)
  • සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)
  • භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version