මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කැනඩාවේ ශීක් ක්‍රියාකාරී හර්දීප් සිංග් නිජාර් පසුගිය 2022 වසරේ ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසයි.
විමර්ශන පැවැත්වෙන්නේ, ඔහුගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය සිටින බවට චෝදනා එල්ල වීමත් සමඟ යැයි අගමැති ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කර තිබේ.
හර්දීප් සිංග් ඝාතනය වූයේ 2022 ජූනි 18 වැනිදා කැඩාවේ සරේ නගරයේ ශීක් දෙවොලක් ඉදිරියේය. ඉන්දියාවෙන් පිට වැඩිම ශීක් ජනගහනයක් වාසය කරන්නේ කැනඩාවේය.
අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් ශීක්වරුන්ට කෙණෙහිලිකම් සිදුවෙයි. ඉන්දියාව තුළ ශීක්වරුන් මර්දනයට ලක්වන බව ද පැවැසෙයි. හර්දීප් සිංග් නිජාර්, නිරන්තරයෙන් ඉන්දීය රජය විවේචනය කළ ක්‍රියාකාරියෙක් විය. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.