රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. මෙරට පුරවැසියන් රැසක් විවිධ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මඟින් ආවරණය ලබාගෙන ඇති බවත්, ඇතැම් පුරවැසියන් පෞද්ගලිකව මුදල් ගෙවා එම පහසුකම් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් අදාළ කැබිනට් යෝජනාවේ සඳහන් වනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2023 අයවැය යෝජනාවක් ලෙස රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමයක් ඇති කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය පාර්ලිමේන්තුව විසින්ද සම්මත කර තිබුණා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version