මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ.

මෙම පුද්ගලයා මහනුවර කතරගම දේවාලයේ පෙරහරට සහභාගී වීම සඳහා අරණායක ප්‍රදේශයේ සිට පැමිණ ඇත.

ඔහු අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share.
Leave A Reply

Exit mobile version