(සුමිත් පොතුපිටිය)

බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි .

අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන ගමන්කල බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බළප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් පැමිණි බෝට්ටුවේ දෙදෙනකු බවට දැනගන්නට ලැබී ඇති බවත් රාත්‍රි නිසා අනන්‍යතාවය හදුනාගෙන නොමැති බවත් පොලිසිය කීය.

බෙන්තර සංචාරක හෝටලයක් ඉදිරිපිට අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .

Share.
Leave A Reply

Exit mobile version