‍පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ.

අද (28) දහවල් සංචාරකයින් පිරිසක් සමග අදාළ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බව වාර්තා වේ.

සංචාරකයින් 170 දෙනෙකු සමග අදාළ ගුවන් යානය පැමිණීමට නියමිතය.

රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් ද අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Share.
Leave A Reply

Exit mobile version