යුධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය – 2024 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සිනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී යුද්ධ හමුදා ‍ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (30) දින පැවැත්විණි.

යුද්ධ හමුදා සුළු අවි සංගමය‍, ප්‍රගුණ හා සැඟවුනු වෙඩිකරු පුහුණු පාසල සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය 2024 අගෝසතු මස 16 සිට 25 දින දක්වා කාලය තුල දියතලාව වෙඩි පිටියේදී පැවැත්විණි.

විවෘත‍, ආධුනික හා සේවා රෙඡිමේන්තු අංශ යටතේ පැවැත්වු මෙම තරඟාවලිය සදහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 23ක් නියෝජනය කරමින් කණ්ඩායම් 37 ක් සහභාගී වූහ. අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය – 2024 විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ රෙජිමේන්තු සහ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

  1. විවෘත කණ්ඩායම් ශූරතාවය
    ශූරතාවය – විශේෂ බලකාය
    අනුශූරතාව – ගජබා රෙජිමේන්තුව
  2. ආධුනික කණ්ඩායම ශූරතාවය
    ශූරතාවය – විශේෂ බලකාය
    අනුශූරතාව – කමාන්ඩෝ රෙජිමේන්තුව
  3. සේවා රෙජිමේන්තු ශූරතාවය
    ශූරතාවය – ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
    අනුශූරතාව – ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය
  4. සෑම අතින්ම දක්‍ෂතම වෙඩික්කරු – 3 වන විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.ටි සඳකැලුම්
  5. ධජ නිලධාරි අංශයේ දක්‍ෂතම වෙඩික්කරු – බ්‍රිගේඩියර් එච්.ඒ.ඒ.එන්.සී ප්‍රභාත් අර්එස්පී යූඑස්පී
  6. දක්‍ෂතම ජ්‍යෙෂ්ඨ නිලධාරි – ලුතිනන් කර්නල් ඩී.සී.එස්.කේ අතුකෝරල ආර්එස්පී – සිංහ රෙජිමේන්තුව
  7. දක්‍ෂතම කාන්තා වෙඩික්කරු – ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් කේ.ඩී.එම්.ඩී දිසානායක
  8. ආධුනික අංශයේ දක්‍ෂතම වෙඩික්කරු – විජබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් පී‍ඩබ්ලිව්.එස්.එන්. ජයසිංහ
Share.
Leave A Reply

Exit mobile version