අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන ’Earthrise’ ජායාරූපය ලබාගත් ඇපලෝ 8 ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබෙනවා. මියයනවිට හෙතෙම 90 වන වියේ පසු වුණා.
ඔහු පියාසර කරමින් සිටි බීච්ක්‍රාෆ්ට් A A 45 – T-34 කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
සඳ වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන වන ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස් විසින් “Earthrise” ඡායාරූපය ලබාගෙන තිබුණා.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.