ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායමක් අද (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර​ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්​ද එක්විමට නියමිත බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version