චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නැති බවත්, චීනය සමඟ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘ජී20’ සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං හමුවෙමිනි.
‘ජී 20’ සමුළුවට, චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගී වූයේ නැත. ඒ වෙනුවට සමුළුවට පැමිණියේ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැංය. ඇමෙරිකා ජනාධිපති බයිඩන්, චීන ජනාධිපති ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටි නමුත් අවසානයේ සාකච්ඡා පැවැත්වීමට සිදුවූයේ අග්‍රාමාත්‍ය ලී කෙකියැං සමඟය. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.