මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි  විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක්  ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන අද (29)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මොහු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව සදහන් වේ .

අද අලුයම 05.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූණි .

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත ගොස් මෙම අපරාධ කල්ලි සාමාජිකයා අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර දීමට කටයුතු කළහ .

Share.
Leave A Reply

Exit mobile version