ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයාට පළ කළේ කඩිනමින් සටන් විරාමයකට ගොස්, ගාසා තීරයේ සටන් නැවැත්වීමට පියවර ගන්නා ලෙසය.

‘හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය වෙනවා. කාන්තාවන් දරුවන් ඝාතනය වෙනවා. තව දුරටත් ඇමෙරිකාවට නිහඬව බලා සිටින්න බැහැ’ යැයි උප ජනාධිපතිනි කමලා හැරිස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නාය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version