යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති.

2022 වසරේ දී, අයිස්ලන්තය, නෝර්වේ ආදී යුරෝපා රටවලින් ඩෙංගු ආසාදිතයන් 71 දෙනකු වාර්තා වූ බවත්, 2023 වසරේ දී එම රටවලින් ආසාදනය වූ ඩෙංගු රෝගීන් ගණන 130 ක් බවත් පැවැසෙයි.

නිවර්තන කලාපීය උණුසුම් රටවලට පමණක් සීමා වූ ඩෙංගු වයිරසය බටහිර යුරෝපා රටවලට ව්‍යාප්ත වීම සිදුවී ඇත්තේ එම රටවල උෂ්ණත්වයේ වෙනස්කම් හේතුවෙනි. ගෝලීය උණුසුම මෙසේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරම්වල අනිසි බලපෑම් හේතුවෙන් යැයි ද පැවැසෙයි. (NDTV)

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version