විදෙස් මත්පැන්වල මිල අධිකවීමට විකල්පයක් හඳුන්වාදිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, මෙරට නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පෙරීම 500% කින් ඉහළ ගොස් ඇති බවයි.
මෙරට කසිප්පු යනු රුසියාවේ වොඩ්කා සහ ජපානයේ ඇති සකේවලට සමාන බවත් මෙරට කසිප්පුද ප්රතිමිතයට අනුව සිදුකළ හැකි නම් එය අපනයනය කිරීම මඟින් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් සොයාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.