සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ජල මට්ටම අඩු වීමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුළි හට ගැනීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩු කිරීමට සිදුවූ බවද, එම නිසා විදුලි ජනන යන්ත්‍රවලින් උත්පාදනය වන්නේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිට ජලය කියුබික් ලීටර් මිලියන 7.5 ක් සමනල වැවෙන් උඩවලට මුදා හැර ඇති අ​තර, සමනල වැව ජලාශයේ ධාරිතාව මේ වනවට සියයට 8 ක් ලෙස පවතින බවද වාර්තා වනවා.

Share.
Leave A Reply

Exit mobile version