සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය පවසනවා.

ඒ අනුව භාණ්ඩ සොරකම් කළ වරදට, නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එසේ පහරදීමක් සිදුකළහොත් සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින්ද අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. (සෘජු උපුටාගැනීම: එසැණ)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version