යුක්රේන ජනාපධිති ව්ලොද්මීර් සෙලෙන්ස්කී සහ යුක්රේනයේ සංචාරයකට පැමිණි ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස් අසලට හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල විය.

රොකට් පඟාරය එල්ල වූයේ අනපේක්ෂිතවය. ඒ වනවිට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරා ගනිමින්, යුක්රේනයේ ඔඩෙසා වරාය නගරයේ සංචාරයක නියැලෙමින් සිටියේය.

මිසයිල ප්‍රහාරය ඔඩෙසා නගරයට එල්ල වෙද්දී, අනතුරු ඇගවීමේ නලා නාද වීමට පටන් ගත් අතර, ආරක්ෂක අංශ නිලධාරීන්, සෙලෙන්ස්කී සහ ග්‍රීක අග්‍රාමාත්‍යවරයා වහා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කළේය. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් සිටි තැනට මීටර් කීපයක් දුරිනි.

යුක්රේන ජනාධිපතිවරයාට යුද්ධය අරුමයක් නොවුණත්, එම ත්‍රසජනක අත්දැකීම තමන්ට බියජනක එකක් වූ බව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා පසුව මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version