කිඹුලාවල වීථි ආහාර (Steert Food) අලෙවිසැල් දින 14 ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම අලෙවිසැල් හිමියන්ට දැනුම් දී තිබෙනවා. එම අලෙවිසැල්, මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත්, අනවසරයෙන් තට්ටු දෙකේ අලෙවිසැල් ද සාදා ඇති බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇත්තේ.
මීට පෙර ද මෙම අලෙවිසැල් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩ හිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදී තිබුණා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.