චීන විරෝධී, පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.

චීනයට වඩා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටය. ලායි චින්ග් තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා, දැඩි චීන විරෝධී මතදාරියෙකු බව චීනයේ මතය යි.

තවමත් චීනය සලකන්නේ, තායිවානය ඔවුන්ට අයත් කොටසක් කියාය. තායිවානය පිහිටා ඇත්තේ චීනයට ඔබ්බෙන් කුඩා දූපතක් ලෙසය.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version