දුම්රිය ආසන වෙන්කර ගැනීමේ තොරතුරු ඩිජිටල් ක්‍රමවේදයකට ලබාගැනීමේ පහසුකමක් රටවටා දුම්රිය මඟින්ගේ ෆේස්බුක් සමූහය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් විසින් හඳුන්වා දුන් RDMNS ඇප් එක හරහා මෙම නව පහසුකම සපයා ඇති අතර ඒ හරහා මෙරට සියලු දුම්රිය සේවාවන්ගේ ප්‍රවේශපත් ගාස්තු, ආසන වර්ග, ආසන අංක සහ දුම්රිය ආසන වෙන් කරගැනීමේ උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ආසන වෙන් කරගැනීමට පෙර මේ හරහා දුම්රිය මැදිරි තුළට ඩිජිටල්ව පිවිස එම මැදිරි නැරඹීමට හැකි වීමද විශේෂත්වයක්.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version