බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවය. පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version