අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහන සඳහා අවම වේග සීමාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මෙම නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සති දෙකේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පුද්ගල විශේෂතා වලින් තොරව, සෑම දෙනාටම පොදු නීතියක් යටතේ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ ජිවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය වන නව විධි විධාන සහිතව මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version