මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමී ව එම කාර්යංශය සිදු කළ සමීක්ෂණයකට අනුව ඉන් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි සඳහන් වන්නේ.

පෙර වසරේ 15.3%ක් ව පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 17.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙන්නේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version