ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වීමට තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව ඊයේ (05 වැනිදා) දකුණු කොරියාවේදී සමත් වූවාය. එහිදී ඇය විසින් වාර්තා කරන ලද කාලය විනාඩි 2.05.64 කි.
පෙරේදා පැවති මීටර් 400 ඉසව්වෙන් ද රිදී පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය. ඉන් අනතුරුව ඊයේ පැවැති මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරගයෙන් ද රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ අතර එම තරගයේ ද ජයග්‍රාහී සාමාජිකාවක් බවට පත්වීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. ශ්‍රී ලංකාව එම තරගයෙන් ද රන් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය වේ. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.