නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වාත්, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වාත්, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇති බව නිවේදනය කර තිබෙනවා.
අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත්, අපහසුතා මග හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනවා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.