යුද හමුදා පුහුණුවක් අතරතුර අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් රෝහල් ගත කර තිබේ.

මාඳුරු ඔය යුද හමුදා පුහුණු කඳවුරේදී අද (29) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් තිදෙනා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරින් සෙබළුන්ගේ පාදවලට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු යුද හමුදාව අතර මේ දිනවලදී පැවැත්වෙන යුද අභ්‍යාසයක් අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

Share.
Leave A Reply

Exit mobile version