දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 28,333දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 263දෙනෙකු සහ වරෙන්තුකරුවන් 141දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 424දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version