මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස අනෙකුත් රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ අනුව පස්වරු 5.48 සිට 6.19 වනතෙක් විනාඩි 31 ක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර ක්ෂිතිජයේ දැකගත හැකි බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version