2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට ඉසව් තුනකින් පදක්කම් තුනක් දිනාගෙන ඇත.

පළමු පදක්කම ලෙසින් දිලංක ඉසුරු කුමාර පිරිමි කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන්නේය. ඒ ජූලි 30 වැනිදා පැවැති තරගයෙන්.

දෙවැනි සහ තෙවැනි පදක්කම් ලෙස මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වූ අතර එෆ්42-44/61-64 පාලනය කළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් සටහනේ 24 වැනි ස්ථානයේ පසුවෙයි.

දිලංක ඉසුරු කුමාර

යුපුන් අබේකෝන්

පාලිත බණ්ඩාර

Share.
Leave A Reply

Exit mobile version