මීට දින කිහිපයකට පෙර මුදවා ගත් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ(05) දිවයිනට පැමිණියහ.

ඔවුන් තායිලන්තයේ බැංකොක් සිට ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන සිටින අතර ඉන් 8 දෙනෙකු මීට පෙර මුදවා ගැනුණි.

තවත් 33 දෙනෙකු පමණ එම අපරාධ කල්ලි ග්‍රහණයේ රැඳී සිටී බවට තොරතුරු වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version