බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ  නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ලැගුම්ගෙන සිටි හෝටලයෙන් ආහාර ලබාගෙන ඇති අතර මාසිකව ලක්ෂ විස්සක කුලී පදනම මත එම හෝටලයේ ඔවුන් රැඳී සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය.

මොවුන් සියලුදෙනා අද (09) පානදුර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔවුන් මූල්‍ය අපරාධය සිදුකර ඇත්ද යන්න සොයාබැලීම සඳහා විමර්ශන පැවැත්වෙන බව සඳහන් ය.

Share.
Leave A Reply

Exit mobile version