පාකිස්ථානයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.
දසුන් ශානක එම කණ්ඩායම මෙහෙයවන අතර, පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ ජනිත් ලියනගේද ඊට ඇතුළත් වේ.
කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුශාන් හේමන්ත, ට්‍රැවින් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීශ පතිරණ, නුවන් තුශාර සහ එෂාන් මාලිංග එම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින්ය.
