නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අනලතිව් දූපතට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

එමෙන්ම ඉන්දිය ධීවරයින් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

නාවික හමුදා භාරයට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version