2023 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ 05 වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. පස්වැනි ස්ථානය දිනා ගැනීම නිමිත්තෙන් කිරිගිස්තානය සමග පැවති තරගය තරග වට 3-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ස්ථානය හිමිකර ගත්හ.
තරගාවලිය පුරාවට තරග පහකට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරග දෙකේදී පරාජයට පත්වූ අතර අනතුරුව පැවති තරග තුනම ජයග්‍රහණය කරමින් දස්කම් දැක්වීය. ශ්‍රී ලංකා මෙම තරගාවලිය යටතේ මීට පෙර බංග්ලාදේශය මාලදිවයින පරාජය කිරීමට සමත් වූයේය.
පළමු වටය : ලකුණු 25-11 ක්
දෙවැනි වටය : ලකුණු 25 -20ක්
තෙවැනි වටය : ලකුණු 25-14ක්
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.