පුද්ගලයින් සිව්දෙනෙකු ඩීසල් ලීටර් 6600ක බවුසරයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකුගේ මාර්ගයෙන් මෙම වැටලීම සිදුකළ බවයි පොලීස් ආරංචි මාර්ග පවසන්නේ.

ඩීසල් තොග වැඩි මිලට හොර පාරෙන් අලෙවි කරන බවට ලද තොරතුරු මත කළ විමසීමට අනුව මීගොඩ පොලීසියේ උපාය දූතයෙකු මඟින් කල ගනුදෙනුවේදී ඩීසල් ලීටරයක් රුපියල් 900කට මිලදී ගැනීමට එකඟතාවකට පැමිණ තිබෙනවා.

පසුව මීගොඩ වැටරැක ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට බව පවසමින් අදාළ බවුසරය එම ප්‍රදේශයට ගෙන්වාගෙන එම ගණුදෙනුවට මූලිකත්වය ගත් තැරැව්කරුවන් දෙදෙනා, බවුසරයේ රියදුරු සහ එහි සහයක අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version